එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීම සඳහා අවසර

0
Permission to Hold Outdoor Musical Show - එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීම සඳහා අවසර

එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීම සඳහා අවසර ලබාදීමට කටයුතු කරන ලෙස පොලිස්පති සි.ඩි.වික්‍රමරත්න විසින් ජේෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත ඊයේ දිනයේදී උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව එම සංගීත සංදර්ශන පැවැත්වීම සඳහා අවසර ලබාදීමට කටයුතු කරන ලෙසයි පොලිස්පතිවරයා නියෝග කර ඇත්තේ.

මේ අනුව සඳුදා, අඟහරුවාදා සහ බදාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල සවස 6 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුලදී එම සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර හිමිවනවා.

සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල සවස 6.00 සිට අලුයම 1.00 දක්වා ද ඉරිදා දිනවලදී සවස 6.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා එම සංගීත සංදර්ශන පැවත්වීමට අවසර හිමිවනු ඇති.