තවත් කොවිඩ් මරණ 17ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri Lanka Yesterday - තවත් කොවිඩ් මරණ 17ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් මරණ 17ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (26) තහවුරු කර ඇති බවය.

එම මරණ අතර පිරිමි පුද්ගලයින් 11දෙනෙකු සහ කාන්තාවන් 6 දෙනෙකු සිටී.

අවුරුදු 30ට අඩු එක් පිරිමි පුද්ගලයෙක් ද මිය ගොස් තිබේ.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් ආසාදිත මරණ ගණන 14,901කි.