තෙල් මිලට හොඳම විසඳුම මංගලගේ මිල සූත්‍රයයි

0
Price Formula is the Best Solution for Oil Prices - තෙල් මිලට හොඳම විසඳුම මංගලගේ මිල සූත්‍රයයි
මොන දේ පැවසූ ද තෙල් මිල සම්බන්ධයෙන් හොඳම දේ මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා සැකසූ මිල සූත්‍රය බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

එය ක‍්‍රියාත්මක කලා නම් ‍අද තිබෙන ප්‍රශ්න පැන නොනගින බව ද ඔහු පැවසීය.

කවුරුන් වුවද හොඳ දේවල් කලේ නම් ඒවා ක්‍රියාත්මක කිරීමට සිදුවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඔහු මේ බව කියා සිටියේ මිද්දෙණිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය අමතමිනි.

අද ජනතාව ජීවත් වෙන්නේ ඉතා අමාරුවෙන් බවත් වෙනදා ගන්නා භාණ්ඩ මල්ල ගැනීමට අද දෙගුණයක් ගෙවන්න වී ඇති බවත් පැවසූ අමාත්‍යවරයා මෙය ඉතාම කනගාටුදායක තත්ත්වයක් බවද තවදුරටත් එහිදී කියා සිටියේය.