කොස් මදුළු කිලෝව රු. 200යි.. කෙහෙල්මුවේ රු. 150යි…

0
Vegetables Retails Price increase in Market - කොස් මදුළු කිලෝව රු. 200යි.. කෙහෙල්මුවේ රු. 150යි...
වෙළෙඳපොළේ කොස් මදුළු කිලෝවක මිල රුපියල් 200 ක් දක්වා ද, අමු මිරිස් කිලෝවක මිල රුපියල් 1600 ක් දක්වාද ඉහළ ගොස් ඇත. කෙසෙල්මුවක් අලෙවි කෙරෙන්නේ රුපියල් 130-150 අතර මිලකටය.

එළවළු මිල ගණන් ඉහළ යාමත් සමග කොස්, බතල ආදියෙහි මිල ගණන් ද වැඩිවී තිබේ. දෙල් ගෙඩියක මිල රුපියල් 150 ත් 250 ත් අතරය. බතල කිලෝව රුපියල් 125 ක් දක්වා වැඩිවී ඇත. දෙල් ගෙඩියක් මෙයට පෙර අලෙවි වූයේ රුපියල් හැත්තෑවක මිලකටය.

ආර්ථික මධ්‍යස්ථානවලට ලැබෙන එළවළු ප්‍රමාණය විශාල ලෙස පහත වැටීම නිසා මෙලෙස එළවළු සිල්ලර මිල ගණන් ඉහළ ගොස් තිබේ.

කටුගස්තොට, මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු ලැබීම සීග්‍රයෙන් පහළ ගොස් ඇති අතර ඊයේ (26 වැනිදා) දිනයේ ලැබී තිබුණේ එළවළු කිලෝ පනස්දහසකි.

එම ආර්ථික මධ්‍යස්ථානයේ අමුමිරිස් කිලෝවක තොග මිල පසුගිය 25 වැනිදා රුපියල් 1400 ක පැවැති අතර ඊයේ (26 වැනිදා) දිනයේ එය රුපියල් 1000 දක්වා තරමක් පහළ ගොස් තිබිණි. නුවරඑළියේ බීට් කිලෝවක් එම ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ (26 වැනිදා) දිනයේ අලෙවි කෙරුනේ රුපියල් 410 කටය. කටුගස්තොට පදික වේදිකා ආශ්‍රිතව සිල්ලර වෙළෙන්දෝ අමු මිරිස් කිලෝව අලෙවි කළේ රුපියල් 1600 ක් වැනි ඉහළ මිලකටය.

කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝවක තොග මිල පැවතියේ මෙයාකාරයෙනි.

බොංචි රු.300-350, බීට් රූට් රු.250-280, වම්බටු රු.250-280, ගෝවා රු.200-220, අතුගෝවා රු.140-150, මාළුමිරිස් රු.550-600, කැරට් රු.280-320, පිපිඤ්ඤා රු.110-120, අමු මිරිස් රු.600, නෝකෝල් රු. 200-220, ලීක්ස් රු.220-250, අර්තාපල් (වැලිමඩ) රු.220-230, රාබු රු.70- 85, තක්කාලි රු. 200-220.