චීන මහ බැංකුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක ණයක්

0
Loan from the Central Bank of China - චීන මහ බැංකුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක ණයක්
මෙරට විදේශ සංචිත තවදුරටත් ඉහළ නැංවීම සඳහා චීන මහ බැංකුව ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක හුවමාරු ගණුදෙනුවක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, මෙම සතියේදී එය මෙරටට ලැබෙනු ඇති බවයි මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල සඳහන් කළේ.

මෙම විනිමය හුවමාරුව සිදුකිරීමත් සමඟ මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3ක් පමණ වනු ඇති බව මහ බැංකුව සඳහන් කළා.