කොවිඩ් ආසාදිතයින් ගැන වාර්තාවන සංඛ්‍යා දත්ත බොරු

0
Upul Rohana Statement about Statistical Data of Covid - කොවිඩ් ආසාදිතයින් ගැන වාර්තාවන සංඛ්‍යා දත්ත බොරු

දෛනික කොවිඩ් ආසාදිතයින් සම්බන්ධයෙන් බළධාරීන් නිකුත් කරන සංඛ්‍යා ලේඛණ නිවැරැදි නොවන බවට මෙරට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් චෝදනා කරනවා.

දෛනිකව වාර්තාවන ආසාදිතයින් ප්‍රමාණයට වඩා වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් සමාජයෙන් හමුවන බවයි ඔවුන් පවසන්නේ.

අද පෙරවරුවේ මාධ්‍යයට අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කලා.

ගෙවී ගිය සති අන්තය තුළ මහජනතාවගේ හැසිරීම ඉතාමත්ම කනගාටුදායක බවද උපුල් රෝහණ මහතා එහිදී අවධාරණය කලා.