ප්‍රභූවරු 40ක් වතුරට පොලු තියලා

0
Vasudeva Nanayakkara Statement of Water Theft by VIP - ප්‍රභූවරු 40ක් වතුරට පොලු තියලා
මැති ඇමැතිවරුන්,හිටපු ඇමතිවරුන් ඇතුළු ප්‍රභූවරුන් 40 කට වැඩි පිරිසක් ජලය ලබා ගැනීම වෙනුවෙන් ජල සම්පත් මණ්ඩලයට රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තා වේ.

ජල සම්පත් මණ්ඩලයට වැඩිම මුදලක් ගෙවීම පැහැර හැර ඇත්තේ මධ්‍යම පළාත නියෝජනය කරන ඇමැතිවරයෙකි. ගෙවීම පැහැර හැර ඇති මුදල ලක්ෂ 18 කි.

මේ අතර හිටපු ඇමතිවරයකු ජලය ලබා ගැනීම වෙනුවෙන් ජල සම්පත් මණ්ඩලයට රුපියල් 45,000 ක මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පවසන එම මණ්ඩලය ජල බිල්පත් නොගෙවූ පිරිස අතර හිටපු ඇමතිවරුන් දෙදෙනකුද සිටින බව සඳහන් කළේ‍ය.

එම හිටපු ඇමැතිවරයා පාවිච්චි කරනලද නිල නිවස දැන් පාවිච්චි කරන්නේ කැබිනට් ඇමැතිවරයෙකි.

ඒ ඇමතිවරයා එම හිටපු ඇමතිවරයාගේ හිඟ මුදල පිළිබඳව ජල සම්පාදන ඇමැතිවරයාට දැනටමත් දැනුවත් කර ඇතැයි දැනගන්නට ඇත.

ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති මැති ඇමැතිවරුන් ඇතුළු ප්‍රභූවරුන්ගේ ජල සැපයුම කපා හැරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය.