සෞඛ්‍ය පුරුදු අමතක කළොත් පෙර පැවති දුෂ්කර තත්ත්වයක් ආයෙත් එයි

0
Dr. Anwar Hamdani Statement of Health Habits - සෞඛ්‍ය පුරුදු අමතක කළොත් පෙර පැවති දුෂ්කර තත්ත්වයක් ආයෙත් එයි

සෞඛ්‍යාරක්ෂිත පුරුදු නිසි පරිදි අනුගමනය නොකරන්නේ නම් පෙර පැවති දුෂ්කර තත්ත්වයට රට නැවත පත්විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.

උත්සව සමය එළැඹීමත් හා ඔමික්‍රෝන් නව කොවිඩ් වෛරස ප්‍රභේදයේ ආසාදිතයින් මෙරටින් හදුනාගැනීමත් සමග සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් 19 පිළිබද ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා කියා සිටියේ.

තුන්වන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත සම්බන්ධයෙන්ද වෛද්‍ය අන්වර් හම්දානි මහතා මෙහිදී අදහස් පලකළා.

කුමන වෛරස ප්‍රභේදයක් රට තුළට පැමිණියත් ඒවායින් ආරක්ෂාවීමට බූස්ටර් මාත්‍රාව ඉතා වැදගත් බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.