බරපතළ ඩොලර් හිඟයක් අස්සේ රට සවාරියේ ගිය මැති ඇමතිවරු

0
Ministers and MPs Travel to Countries for Vacation - බරපතළ ඩොලර් හිඟයක් අස්සේ රට සවාරියේ ගිය මැති ඇමතිවරු
නත්තල් හා නව අවුරුදු උදාවත් සමග සෑම වසරකම දෙසැම්බර් අග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදේශ ගතවන අතර මෙවරත් වර්ෂාවසාන නිවාඩුව ගත කිරීම සඳහා පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් අසූවක පමණ පිරිසක් ගොස් ඇතැයි වාර්තා වෙනවා.

ඔහුන් ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව ආදී රටවල පුද්ගලික සංචාරවල නිරතව සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරන්නේ.

බරපතළ ඩොලර් හිඟයක් හා ආහාර හිඟයක් ඇතිවී ඇති බවට මත පළ වී තිබියදී මෙලෙස පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් විදේශ සංචාරයේ නිරතවීම විශේෂත්වයක්.

බොහෝ මැති ඇමැතිවරුන් විදේශගත වන්නේ ඒ ඒ රටවල උසස් අධ්‍යාපනය හදාරන දරුවන් හා ඒ ඒ රටවල පදිංචි ඥාතීන් හිතමිතුරන් සමඟ විනෝදයෙන් ගත කිරීමට යැයි ද ඔවුන් කිහිප දෙනෙක්ගෙන් කළ විමසීමකදී පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු සඳහන් කළා.

දැනට විදේශගතවී සිටින පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පිරිසට අමතරව තවත් පිරිසක් විදේශගතවීමේ සූදානමින් පසුවන බවද දැනගන්නට තිබෙනවා.

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් වර්ෂාවසානයේදී නුවරඑළිය සංචාරයේ නිරතවීමට ද සූදානමින් සිටිනවා.

මන්ත්‍රීවරුන්ට නිදහසේ විවේකය ගත කිරීම සඳහා නුවරඑළියේ ඉදිකර තිබෙන ‘සෙන්පති නිවස’ වෙන්කර ගෙන ඇතැයිද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.