අභ්‍යවකාශයට යැවූ ඩොලර් බිලියන 10ක් වටින දුරේක්ෂය

0
Dollar Ten Billion Telescope Sent into Space - අභ්‍යවකාශයට යැවූ ඩොලර් බිලියන 10ක් වටින දුරේක්ෂය
මෙතෙක් ලොව නිෂ්පාදිත විශාලතම අභ්‍යවකාශ දුරේක්ෂය කක්ෂගත කර තිබේ.

නාසා ආයතනය පවසන්නේ මෙය මසක කාලයක් තුළ පෘථිවියේ සිට සැතපුම් මිලියනයක් දුරින් සූර්ය කක්ෂයට පිවිසෙනු ඇති බවය.

විශ්වයට ආලෝකය සපයන ප්‍රබල ග්‍රහ තාරකාවන් අනාවරණය කර ගැනීමේ අරමුණින් නාසා හි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය පෘථිවියෙන් පිටත්ව ගොස් ඇත.

මෙම ඓතිහාසික ගමන වෙනුවෙන් යොදවා ඇති මුදල අමෙරිකානු ඩොලර් බිලියන 10කි.

ප්‍රංශ ගයනාවේ කොවුරු අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට යුරෝපීය අභ්‍යවකාශ ආයතනයේ ඒරියන් 5 රොකට්ටුවක් මගින් මෙය රැගෙන ගොස් ඇත.

21 වැනි සියවසේ විශිෂ්ට විද්‍යාත්මක ප්‍රයත්නයන්ගෙන් එකක් ලෙස සැලකෙන මෙම ව්‍යාපෘතිය සැලසුම් කිරීමට සහ ගොඩනැගීමට ගතවූ කාලය වසර 30කට අධිකය.

ජේම්ස් වෙබ් දුරේක්ෂය ඇපලෝ සඳ වැඩසටහනේ එක් ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ නමින් නම් කර ඇති අතර, ව්‍යාපෘතියේ සියලුම හවුල්කරුවන් වන අමෙරිකා, යුරෝපා සහ කැනේඩියානු අභ්‍යවකාශ ආයතන එය සුවිශාල වටිනාකමකින් යුත් ව්‍යාපෘතියක් වශයෙන් සලකයි.

එහි ඉලක්කය වනුයේ විශ්වයේ බැබළෙන තරු සහ මන්දාකිණි පෙන්වීමට උත්සාහ කිරීම වන අතර ජීවය පවතින බවට ඉඟි කළ හැකි වායූන් සෙවීම සඳහා ඈත ග්‍රහලෝකවල වායුගෝලය ගවේෂණය කිරීමේ බලය ද එය සතුය.

මෙය මෙතෙක් නිෂ්පාදිත ලොව විශාලතම අභ්‍යවකාශ දුරේක්ෂය ලෙස ඉතිහාසයට එක් වේ.

එය පෘථිවියට කිලෝමීටර් 1.5ක් ඔබ්බෙන් ස්ථාපිතව නාසා ආයතනය වෙත තොරතුරු ලබාදීම සිදුකරනු ඇති.