දුම්රිය ස්ථානාධිපති වර්ජනය හෙට තෙක් කල් යයි

0
Station Master Strike Postponed till Tomorrow - දුම්රිය ස්ථානාධිපති වර්ජනය හෙට තෙක් කල් යයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය හෙට පෙරවරු 10 දක්වා කල් දැමීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එහි සභාපති සුමේධ සෝමරත්න මහතා කියාසිටියේ හෙට දිනයේදී නැවතත් සාකච්ඡාවක් ලැබී තිබීම ඊට හේතුව බවයි.

කෙසේවෙතත් සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ පාර්සල් භාර නොගැනීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක බවයි ඔහු සඳහන් කලේ.