ලෙජන්ඩ්ස් ලීග් 20-20 තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ප්‍රවීණයින් මෙන්න

0
Sri Lankan Veterans Joining the Legends League - ලෙජන්ඩ්ස් ලීග් 20-20 තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ප්‍රවීණයින් මෙන්න
ඕමානයේ දී පැවැත්වීමට නියමිත ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන Asian Lions කණ්ඩායම මේ වන විට නම්කර තිබෙනවා.

මෙම තරවලියට ශ්‍රී ලංකා හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම එක්ව සිටිනවා.

මුත්තයියා මුරලිදරන්, සනත් ජයසුරිය , චමින්ද වාස්, T.M. ඩිල්ෂාන්, උපුල් තරංග සහ රොමේෂ් කළුවිතාරණ මෙලෙස එක්වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්.

Asian Lions කණ්ඩායමට පාකිස්තාන හිටපු ක්‍රීඩකයෙකු වන මොහොමඩ් යුසුෆ් සහ ඇෆ්ගනිස්තාන හිටපු නායකයෙකු වන අස්ගර් ඇෆ්ගන් ද එක් කර තිබෙනවා.

සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, රොමේෂ් කළුවිතාරණ, තිලකරත්න ඩිල්ෂාන්, අසාර් මහමුද්, උපුල් තරංග, මිස්බා උල් හක්, මොහොමඩ් හෆීස්, ෂොයිබ් මලික්, මොහොමඩ් යූසුෆ්, උමාර් ගුල්, ෂොයිබ් අක්තාර්, ෂාහිඩ් අෆ්රිඩි, අස්ගර් ඇෆ්ගන් Asian Lions කණ්ඩායාමේ ක්‍රීඩකයින්.

ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය ජනවාරි 20 වැනිදා සිට ජනවාරි 29 දක්වා ඕමානයේ දී පැවැත්වීමට නියමිතයි.