බස්නාහිර ත්‍රිරෝද රථ රියදුරන්ට විශේෂ පණිවිඩයක්

0
A Special Message to Western Three Wheeler Drivers - බස්නාහිර ත්‍රිරෝද රථ රියදුරන්ට විශේෂ පණිවිඩයක්

බස්නාහිර පළාත තුළ ධාවනය වන සියලු ත්‍රිරෝද රථවලට ලබන ජනවාරි 15 වනදා සිට මීටර් සවිකිරීම අනිවාර්ය කර තිබේ.

ත්‍රිරෝද රියැදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසුවේ බස්නාහිර පළාතේ ධාවනය වන ත්‍රීවිල් රථ බොහොමයක තවමත් මීටර් සවිකර නොමැති බවයි.

එම රියදුරන් තමන්ට කැමති ලෙස මගීන්ගෙන් මුදල් ලබාගන්නා බව ඔහු පැවසීය.

ලබන ජූනි මස 15 වැනි දා සිට අනෙකුත් සියලු පළාත්වල ත්‍රිරොද රථවලට මීටර් අනිවාර්ය කරනු ලබන බව ලලිත් ධර්මසේකර මහතා සදහන් කරයි.