ආනයන තවදුරටත් සීමා කරන්නැයි කියයි

0
Calls for Further Restrictions on Imports - ආනයන තවදුරටත් සීමා කරන්නැයි කියයි

විදේශ සංචිත ප්‍රමාණය අඩුකර ගැනීම වලක්වා ගැනීමට ආනයන තවදුරටත් සීමා කිරීම ඇතුළු යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

විදේශ ආයෝජන වැඩි වශයෙන් ලබා ගැනීම, අපනයන ආදායම වැඩි කරගැනීම ,විදේශ රටවලට ඇදී යන විදේශ විනිමය අඩුකර ගැනීම ඇතුළු යෝජනා රැසක් මහ බැංකුව මුදල් අමාත්‍යංශයට යවා ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කර තින්දුවක් ලබා ගත යුතුව ඇති බව ද මහබැංකුව මුදල් අමාත්‍යාංශයට දන්වා ඇතැයි ආරංචි මාර්ග කියයි.

ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් පමණ දක්වා අඩු වී ඇතැයි මහ බැංකුව පසුගිය දා ප්‍රකාශ කළ අතර ,ඩොලර් මිලියන 330ක් පමණ ඇත්තේ රත්රන් සංචිත බවද බැංකුව සඳහන් කළේය.