අද මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 529ක් වාර්තා වෙයි

0
Covid New Cases in Sri lanka Today - අද මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 529ක් වාර්තා වෙයි
අද (25) දිනයේදී කොවිඩ් ආසාදිතයින් 529 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත වෛරස ආසාදිත සංඛ්‍යාව 583,251ක් බවයි වාර්තා වන්නේ.

වෛරසය ආසාදිතව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 9,252ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 278 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරයි.

Today Recoveries

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 559,128ක් දක්වා ඉහළගොස් ඇත.

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 19ක් වාර්තාවී තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.