මෙන්ඩිස්ට අවස්ථාවක් දෙන්න සමිත් පටෙල්ගෙන් ඉල්ලීමක්

0
A Request from Samith Patel to Give Mendis a Chance - මෙන්ඩිස්ට අවස්ථාවක් දෙන්න සමිත් පටෙල්ගෙන් ඉල්ලීමක්
මේ වනවිට ජාත්‍යන්තර තරග තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස්ට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට අවස්ථාව ලබාදිය යුතු කාලය එළඹ ඇති බව හිටපු එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක සමිත් පටෙල් පවසනවා.

ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලන්නේ, කුසල්ට තම රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඉඩ ලබා දෙන ලෙසයි.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩකයා මේ බව පවසා තිබුණා.

නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී කුසල් මෙන්ඩිස් සහ සමිත් පටෙල් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කළා.

එහිදී මෙවර LPL තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට කුසල් මෙන්ඩිස් සමත් වූ අතර තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට සමත් වුනේ සමිත් පටෙල්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කුසල් මෙන්ඩිස්ට ලබා දී ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් වන්නේ ලබන ජුනි මාසයේ දීයි.