ත්‍රීරෝද රථයකින් හෙළිවූ ඉන්දියාවේ සිට මෙහෙයවන ලංකාවේ ජාවාරම (PHOTOS)

0
Ice Drug - රීරෝද රථයකින් හෙළිවූ ඉන්දියාවේ සිට මෙහෙයවන ලංකාවේ ජාවාරම

විශේෂ කාර්ය බලකාය මගින් ගෙවුණු පැය 24 තුළ විශේෂ වැටලීම් කිහිපයක් සිදු කර තිබෙනවා.

එහිදී ත්‍රිරෝද රථයක් ආධාරයෙන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයෙක් මට්ටක්කුලිය පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ජාවාරම මහමොළ කරු ඉන්දියාවේ සිට මෙය මෙහෙයවන බවත් කාලාන්තරයක සිට කොළඹ හා තදාසන්න ප්‍රදේශ වෙත ඉතා සංවිධානාත්මකව අයිස් සහ හෙරොයින් බෙදා හරින බවටත් අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම ත්‍රිකුණාමලය උප්පවේලි පොලිස් වසමේදී කේරළ ගංජා සන්තකයේ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම තැනැත්තා ත්‍රිකුණාමලයේ කුට්ටි පුලි නැමැති මැර කණ්ඩායමේ නායකයාගේ පුතා බවට අනාවරණය වී තිබෙනවා.