නව වසරට රාජ්‍ය සේවකයන්ට රුපියල් 4000ක අත්තිකාරමක්

0
Four Thousand Advance for Public Servants for the New Year - නව වසරට රාජ්‍ය සේවකයන්ට 4000ක අත්තිකාරමක්
ලබන වර්ෂයට අදාලව රාජ්‍ය සේවකයන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට තීරණය කර තිබෙනවා. රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා චක්‍රලේඛයන් මගින් මෙම තීරණය රාජ්‍ය ආයතන ප්‍රධානීන්‌ වෙත දැනුම් දී තිබේ.

රුපියල් 4000කට වැඩි නොවන විශේෂ අත්තිකාරම් මුදලක් සියලු රාජ්‍ය සේවකයන්ට ලබාගත හැකි අතර නව වසරේ ජනවාරි පළමුවැනිදා සිට පෙබරවාරි 28 වැනිදා දක්වා එම අත්තිකාරම් මුදල ඉල්ලුම් කිරීමට අවස්ථාව හිමි වේ.

පෙබරවාරි මස 28 වැනිදායින් පසුව කිසිදු හේතුවක් මත මෙම අත්තිකාරම් මුදල නොගෙවිය යුතු බව චක්‍රලේඛයේ සඳහන් කර තිබෙනවා.

මහා භාණ්ඩාගාරයේ එකඟතාවය මත මෙම චක්‍රලේඛය නිකුත් කළ බවයි අමාත්‍යංශය පවසන්නේ.