කොස් ගෙඩියක් රුපියල් 1000යි

0
A Jackfruit Price is Thousand Rupees - කොස් ගෙඩියක් රුපියල් 1000යි
දර්ගා නගරය දක්ෂිණ අධිවේගී ප්‍රවේශ මාර්ගය අසල කොස් අලෙවි කරන වෙළෙන්දෙකු ලඟ කොස් ගෙඩියක මිල අද (24) රුපියල් දහසක් බව පාරිභෝගිකයෝ කියති.

ගෙඩියක් මිලදී ගැනීමේදී රුපියල් දාහක් වන අතර ගෙඩියක් හයට කපා ඉරුවත් අලෙවි කරනු ලබන්නේ රුපියල් දෙසීයට බව කියයි.

රට තුළ පවතින භාණ්ඩ මිලට සාපේක්ෂව කොස් මිල ද ඉහළ දැමීමට තමන්ට සිදුව ඇත්තේ කොස් ගස් හිමීයන්ද පසුගිය කාලයන්වලදී ඉතා අඩු මිලට දුන් කොස් ගෙඩියක මිල ඉහල දමා තිබීම හේතුවෙන් බව විමසීමේ දී එම වෙළෙන්දා පැවසීය.

ඇතැම් වෙළඳුන් කොස් ගස් හිමියන්ගෙන් දුක කියා නොමිලේ ලබාගන්නා කොස් ගෙඩි ද වැඩි මිලට විකිණීමට කටයුතු කරන බව පාරිභෝගිකයින් කියයි.