ඇවිදින මත්ස්‍යයෙකු සොයා ගැනේ

0
A Walking Fish is Found in Tasmania - ඇවිදින මත්ස්‍යයෙකු සොයා ගැනේ
වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ රෝස පැහැති අත් සහිත ඇවිදින මත්ස්‍යයෙකු ටස්මේනියාවේ නිරිතදිග වෙරළ තීරයේ සමුද්‍ර උද්‍යානයක ගැඹුරේ දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වසර 22 කට පසු ටස්මේනියානු වෙරළට ඔබ්බෙන් ප්‍රථම වරට දැකගත හැකිවූ බවයි වාර්තා වන්නේ.

රෝස පැහැති අත් සහිත මාළුවෙකු අවසන් වරට 1999 දී ටස්මේනියාවෙන් කිමිදුම්කරුවෙකු විසින් දැක තිබෙනවා.

ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් පවසන්නේ මෙම වසර මුලදී සමුද්‍ර උද්‍යානයකදී ගන්නා ලද ගැඹුරු මුහුදේ කැමරාවක පටිගත කිරීමකින් දුර්ලභ ඇවිදින මත්ස්‍යයෙකු නැවත සොයාගත් බවයි.

මාළුන් කලින් ජීවත් වූවාට වඩා ගැඹුරු සහ විවෘත ජලයේ සිටින බවත් දැන් ටස්මේනියාවේ දකුණු වෙරළට ඔබ්බෙන් මීටර් 150 (අඩි 390) ගැඹුරකින් දැකගත හැකි බවත් විද්‍යාඥයින් පවසනවා

ටස්මේනියා විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්යවරයෙකු වන ප්‍රධාන පර්යේෂක සහ සමුද්‍ර ජීව විද්‍යාඥ නෙවිල් බැරට් පවසා තිබෙන්නේ මෙය සිත් ඇදගන්නාසුළු සොයා ගැනීමක් වන අතර රෝස අත් මාළු වල පැවැත්ම සඳහා බලාපොරොත්තුවක් ලබා දෙන බවයි.