මෙවර වසරේ LPL කණ්ඩායම නම් කෙරේ

0
This Year LPL Team is Named - මෙවර වසරේ LPL කණ්ඩායම නම් කෙරේ

ජනප්‍රිය ක්‍රීඩා වෙබ් අඩවියක්වන ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් 2021 වසරේ LPL කණ්ඩායම නම්කර තිබෙනවා.

ඔවුන් විසින් නම් කළ එම කණ්ඩායමට ශ්‍රී ලාංකීය ක්‍රීඩකයින් 07 දෙනෙකු සහ විදෙස් ක්‍රීඩකයින් 04 දෙනෙකු ඇතුළත්.

මෙම කණ්ඩායමේ නායකත්වයට නම්කර ඇත්තේ මෙවර LPL ශූරතාව දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා වීම විශේෂතත්වයක්.

ඒ අනුව මෙවර LPL තරගාවලියේ වීරයා බවට පත් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු, තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර සම තැන පසුවන ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ මහීෂ් තික්ෂණ සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ සමිත් පටෙල් සහ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස්ට මෙම කණ්ඩායමේ ඉඩක් වෙන්ව තිබෙනවා.

එමෙන්ම දඹුල්ල කණ්ඩායම නියෝජනය කළ පිල් සෝල්ට්, කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ දුෂ්මන්ත චමීර ද මෙම කණ්ඩායමට ඇතුළත්.

දඹුල්ල කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තාහීර් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජේඩ්න් සීල්ස් 2021 LPL කණ්ඩායමට ඇතුළත්ව ඇති සෙසු ක්‍රිඩකයින්.