පොහොර කෑන් විසි කරන ගොවීන්ට දඬුවම් දිය යුතුයි

0
Nalaka Godahewa Statement About Throw Cans of Fertilizer - පොහොර කෑන් විසි කරන ගොවීන්ට දඬුවම් දිය යුතුයි
රජයෙන් ලබාදෙන දියර පොහොර කෑන් ගඳයැයි පවසමින් ඒවා විසි කරන ගොවීන්ට දඬුවම් ලබාදිය යුතු බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අවධාරණය කරයි.

“මේ දියර පොහොර ගත්තු ගොවියෝ මේ දියර පොහොර ගඳයි කියලා ඒවා විසි කරනවා. දැන් මේකෙ කාරණා දෙකක් මම කියන්නට ඕනෙ. මේ දියර පොහොර කියන්නෙ මොකක්ද ? පොහොරක් හදන්නෙ සත්ව ද්‍රව්‍යවලින්. ඒක ගඳයි තමයි. නැතුව මේ සුවඳ විලවුන් ගල්වපු එකක් නෙවෙයිනෙ මෙතන තියෙන්නෙ. සුවඳ විලවුන් ඕනෙ නම් සුවඳ විලවුන් ගන්න. පොහොර ඉල්ලුවාම මේක ගඳයි කියන එක මහා වරදක් විදියට කියන්න එපා. ඒකෙ ගඳ නෙවෙයි ප්‍රශ්නේ, ඒක පොහොරක්. ඒක නිෂ්පාදනය කරන දේවල් නිසා ඒකෙ යම්කිසි ගඳක් තියෙනවා නම් ඒක මහා ප්‍රශ්නයක් විදියට දකින්න එපා.

ඊළඟට මේ මාධ්‍යවලින් පෙන්නනවා මහා වීරකමක් වගේ මේවා ඇරගෙන ගිහිල්ලා විසි කරනවා. ඒක හොඳ දෙයක්ද ? මොනවද මේ විසි කරන්නෙ ? කාගෙ සල්ලිද විසි කරන්නෙ ? මේ රටේ මිනිස්සුන්ගෙ සල්ලි මේ විසි කරන්නෙ. මේ නොමිලේ දෙන්නෙ මේ රටේ මිනිස්සුන්ගෙ සල්ලි නෙ ? එක කෑන් එකක්හරි කවුරුහරි විසි කරනවා නම් ඒක ජාතික අපරාධයක් නෙ. ඒක දඬුවම් කළයුතු වරදක් නෙ. ඉතිං ඇයි අපි ඒ දේවල්වලට අනුබල දෙන්නෙ ?”

රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා මේ බව පැවසුවේ ඊයේ (23) පැවති උත්සවයක් අමතමිනි.