ආහාර හිඟයක් ඇති නොවන බව කෘෂිකර්ම ඇමති කියයි

0
Agriculture Minister Says There Will be No Food Shortage - ආහාර හිඟයක් ඇති නොවන බව කෘෂිකර්ම ඇමති කියයි

කෘෂිකර්ම නිලධාරීන්ගෙන් ලැබෙන තොරතුරුවලට අනුව මහ කන්නයේ වී අස්වැන්න අඩු වන්නේ 25%ක් හෝ 30%ක් බැවින් රට තුළ ආහාර හිඟයක් ඇති නො වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

දිවයින පුරා සේවය කරන කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරුන්, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරු ඇතුළු කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ කොළඹ දී විශේෂ වැඩමුළුවක් පැවැත්වුණා.

එහි දී දිවයින පුරා මහ කන්නයේ වගා කර ඇති කුඹුරු ඉඩම් පිළිබඳ තොරතුරු එක්රැස් කර ඇති අතර, සෑ ම දිස්ත්‍රික්කයක ම කුඹුරු ඉඩම් 90%ක් හෝ 95% ක් වගා කර ඇති බවයි එහි දී අනාවරණ වී ඇත්තේ.

එහෙත්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ ඊයේ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ, අනිවාර්යයෙන් රට තුළ ආහාර හිඟයක් ඇති විය හැකි බවයි.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ද රට තුළ ආහාර හිඟයක් ඇතිවිය හැකි බව ඊයේ ප්‍රකාශ කළා.