අද දිනයේ දී වැසි රහිත කාලගුණ තත්ත්වයක්

0
Today Weather Forecast - අද දිනයේ දී වැසි රහිත කාලගුණ තත්ත්වයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද (24) දිනයේ දී වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඉදිරි දින කිහිපයේ දිවයිනේ, බොහෝ ප්‍රදේශවල රාත්‍රී සහ අලුයම් කාලවලදී තරමක ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසා සිටියේ.

හිමිදිරි උදෑසන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

බස්නාහිර, සබරගමුව,මධ්‍යම, උතුරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකියි.