ශ්‍රී පාද හැටන් මාර්ගයේ වෙළඳසැලක ගෑස් උඳුනක් පුපුරයි

0
A Gas Stove Explodes at a Shop on Sri Pada Hatton Road - ශ්‍රී පාද හැටන් මාර්ගයේ වෙළඳසැලක ගෑස් උඳුනක් පුපුරයි
ශ්‍රී පාද හැටන් මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවක ගෑස් උඳුනක් පිපිරී යාමෙන් එම ආපන ශාලාවේ සේවය කරමින් සිටි තරුණයෙකු පිලිස්සුම් තුවාල ලබා මස්කෙලිය ප්‍රාදේශීය රෝහල වෙත අද (23) දින ඇතුලත් කළ බව නල්ලත්නිය පොලීසිය පවසනවා.

අද (23) දින දහවල් 1 ට පමණ පිලිස්සුම් තුවාල ලැබූ වෙලඳ සේවකයා ආහාර පිසිමින් සිටියදී එකවරම ගෑස් උඳුනක් පිපිරි ගිනි දැල් ඉහලට දැල්වුණු බවත්, පසුව එම වෙලඳසැලේ සේවකයින් විසින් ගිනිදැල් නිවා දමා පිලිස්සුම් තුවාල ලැබූ තරුණයා නල්ලතන්නියේ පොලිසියේ නිලධාරින් ,යුද හමුදා භට පිරිස් , ශ්‍රී පාද මාර්ගයේ භාරකරුවන් එක්ව තුවාලකරු ඇහැලකණුව ප්‍රදේශයේ සිට නල්ලතන්නිය වෙත ඔසවාගෙන විත් රෝහල් ගත කර ඇති බවයි වාර්තා වුණේ.

තුවාලකරු රත්නපුර කුරුවිට බටතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ශ්‍රී පාද උඩ මළුව පොලිස් නිලධාරින් කියා සිටියේ.