හිරගෙදර ඉන්න රන්ජන් උසස් අධ්‍යාපන කටයුතු සඳහා අවසර ඉල්ලයි

0
Ranjan Seeks Permission for Higher Education - හිරගෙදර ඉන්න රන්ජන් උසස් අධ්‍යාපන කටයුතු සඳහා අවසර ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සිය උසස් අධ්‍යාපන කටයුතු කර ගෙන යාම සඳහා අවසර ඉල්ලා ඇති බවට වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතාගෙන කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ මේ දක්වා ඊට අවසර ලබා දී නොමැති බවයි.

කෙසේ වෙතත් , ඒ ඉල්ලීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාගේ සහ බන්ධනාගාර කොමසාරිස්වරයා ගේ උපදෙස් අනුව කටයුතු කරන බවද ඒ මහතා කියා සිටියා.