චීනයෙන් හමුවූ ඩයිනෝසෝර කළලය

0
Dinosaur Embryo Found in China - චීනයෙන් හමුවූ ඩයිනෝසෝර කළලය
කුකුළෙකු මෙන් තම බිත්තරයෙන් පැටවුන් බිහි කිරීමට සූදානම් වෙමින් සිටි පරිපූර්ණ ලෙස සංරක්ෂණය කර ඇති ඩයිනෝසෝර කළලයක් සොයා ගත් බව විද්‍යාඥයින් නිවේදනය කර තිබෙනවා.

දකුණු චීනයේ Ganzhou ප්‍රදේශයෙන් මෙම කළලරූපය සොයා ගෙන ඇති අතර පර්යේෂකයන් විසින් එය අවම වශයෙන් වසර මිලියන 66ක් පැරණි බවයි සඳහන් කර තිබෙන්නේ.

එය දත් රහිත තෙරොපොඩ් ඩයිනොසෝරයෙකු හෝ ඕවිරැප්ටෝරෝසෝරයෙකු ලෙස විශ්වාස කෙරෙන අතර එය නම් කර ඇත්තේ Baby Yingliang ලෙසින්.

පර්යේෂක ආචාර්ය ෆියෝන් වයිසම් මා පවසා තිබෙන්නේ එය “ඉතිහාසයේ මෙතෙක් හමු වූ හොඳම ඩයිනෝසෝර කලලය” බවයි.

මෙම සොයා ගැනීම ඩයිනෝසෝරයන් සහ නවීන පක්ෂීන් අතර ඇති සම්බන්ධය පිළිබඳව පර්යේෂකයන්ට වැඩි අවබෝධයක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ අතර මෙය ඉතා වාසනාවන්ත සොයාගැනීමක් බව කැනඩාවේ කැල්ගරි විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ සහකාර මහාචාර්ය ඩාර්ලා සෙලෙනිට්ස්කි පවසා තිබෙනවා.

හිසේ සිට වලිගය දක්වා දිග අඟල් 10.6 (සෙ.මී. 27) වන අතර චීනයේ යින්ග්ලියැන්ග් ස්ටෝන් නේචර් කෞතුකාගාරයේ අඟල් 6.7ක් දිග බිත්තරයක් තුළ රැඳී සිටින බවයි පැවසෙන්නේ.