පියාගේ සහ බාප්පාගේ පහර කෑමට ලක්ව දැරියක් මියයයි

0
A Girl Dies after Being Beaten by Her Father and Uncle - පියාගේ සහ බාප්පාගේ පහර කෑමට ලක්ව දැරියක් මියයයි
ගම්පොළ පොලිස් වසමේ මවුන්ටෙම්පල් ප්‍රදේශයේ දී 14 හැවිරිදි දැරියකට සිදුකළ පහරදීමක් හේතුවෙන් එම දැරිය මියගොස් තිබේ.

ප්‍රේම සම්බන්ධතාවයක් හේතුකොටගෙන දැරියගේ බාප්පා විසින් ඊයේ (21) එම පහරදීම සිදුකර ඇත.

පසුව ඊයේ අලුයම් කාලයේදී එම දැරියට අසනීපවී කෙඳිරිගාමින් සිටියදී දැරියගේ පියා විසින් නිදාගැනීමට නොදෙන බව පවසමින් යළිත් දැරියට පහර දී තිබේ.

අනතුරුව දැරියව මව විසින් අසල නිවසකට කැඳවාගෙන ගොස් ඇති අතර එහිදී එම දැරිය සිහිසුන් වීම හේතුවෙන් ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එලෙස මිගොස් ඇත්තේ, 14 හැවිරිදි ගම්පොළ ප්‍රසිද්ධ බාලිකා පාසලක ඉගෙනුම ලැබූ සිසුවියකි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැරිගගේ පියා සහ බාප්පා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(adaderana.lk වෙබ් අඩවිය ඇසුරිනි)