නොවැම්බරයේ උද්ධමනය 11.1%ක් දක්වා ඉහළට

0
Inflation Rises in November - නොවැම්බරයේ උද්ධමනය 11.1%ක් දක්වා ඉහළට
නොවැම්බර් මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට 11.1%ක් බව ජනලේඛණ සහ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඔක්තෝම්බර් මාසයේ එය සටහන් වූයේ 8.3%ක් ලෙස යි.

නොවැම්බර් මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩය 7.8%ක දායකත්වයක් දක්වා ඇති අතර, ආහාර නොවන කාණ්ඩය 3.3%ක දායකත්වයක් දක්වා තිබෙනවා.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී උද්ධමන අගය සටහන් වූයේ සියයට 5.2%ක් ලෙස යි.

ජනලේඛණ සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන පරිදි මේ වසරේ නොවැම්බර් මාසයේ උද්ධමනය වැඩි වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ, ආහාර සහ ආහාර නො වන කාණ්ඩවල ඉහළ මිල මට්ටම්.

මේ අතර, ඔක්තෝම්බර් මාසයේ දර්ශකාංක 150.6ක් වූ ජාතික පාරිභෝගික මිල දර්ශකය නොවැම්බර් මාසයේ දී 155.3 දක්වා වැඩි වී තිබෙනවා.

ආහාර කාණ්ඩය සැලකූ විට එළවළු, සහල්, කිරිපිටි, ලොකුලූනු, අලුත් මාලු, කුකුල් මස්, අර්තාපල්, පොල්, සීනි, පාන්, බිත්තර, තිරිඟු පිටි, පරිප්පු, බිස්කට්, අමු මිරිස් සහ සෝයාමීට් යන ආහාර වර්ගවල මිල ඉහළ ගොස් ඇති බව සඳහන්.