ජැෆ්නා කිංග්ස් ලංකා ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගයට

0
Jaffna Kings Reach Final of Lanka Premier League - ජැෆ්නා කිංග්ස් ලංකා ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගයට

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලැබීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්වුනා.

ඒ ඊයේ පැවති තරගයෙන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජයට පත් කරමින්.

සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි තරගය පැවැත්වුනේ.

පලමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා පිළ නියමිත පන්දුවාර 20 තුල කඩුලු 4 ක් දැවී ලකුණු 210 ක් රැස් කළා.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 100 යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 20 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී රැස් කර ගැනිමට හැකිවුනේ ලකුණු 187 ක් පමණයි.

චාමික කරුණාරත්න ලකුණු 75 යි.

මෙවර එල්.පී.එල් තරග වාරයේ අවසන් තරගයේ ගෝල් ග්ලැඩියේටර්ස් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම් අතර හෙට සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.