තවත් කොවිඩ් මරණ 24ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri Lanka Yesterday - තවත් කොවිඩ් මරණ 24ක් වාර්තා වෙයි
අද(21) දිනයේදී තවත් කොවිඩ් මරණ 24ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 14,795 දක්වා ඉහළ ගොස් ඇත.

මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 19 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 5 දෙනකු වන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

එමෙන්ම පිරිමි අය 11 දෙනකු සහ කාන්තාවන් 13 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.