පාන් ඇතුළු සියළු බේකරි නිෂ්පාදනවල පාලන මිල ඉවත් කරයි

0
Removes Control Prices on all Bakery Products - පාන් ඇතුළු සියළු බේකරි නිෂ්පාදනවල පාලන මිල ඉවත් කරයි
පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල පාලන මිල අතහැර දැමීමට තීරණය කර තිබේ.

බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරන්නේ අද මධ්‍යම රාත‍්‍රියේ සිට මෙම නව තීරණය ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව බේකරි නිෂ්පාදනවල මිල ඉල්ලුම සැපයුම අනුව තීරණය වනු ඇතැයි ද එම සංගමය කියා සිටී.

බේකරි කර්මාන්තයේ යෙදවුම් මිල ඉහළ යාම මත මෙම තීරණය ගත් බව සංගමය තව දුරටත් පවසයි.