අද රාත්‍රී 11 සිට දිවයිනටම සංචරණ සීමා

0
Travel restrictions - දිවයිනටම සංචරණ සීමා

අද (21) රාත්‍රී 11.00 සිට මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා පනවනු ලබයි.

එය ලබන 25 වන අඟහරුවාදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජෙනරාල්  ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

අඟහරුවාදා රාත්‍රී සිට නැවතත් සංචරණ සීමා

මේ අතර මැයි මස 25 වන අඟහරුවාදා රාත්‍රී 11.00  සිට 28 වන දා අලුයම 4.00 දක්වා යළි සංචරණය සීමා වේ.

කොවිඩ් වෛරස ව්‍යාප්තිය සහ වෙසක් සතිය නිමිත්තේ සිදුවන මහජන ඒකරාශිවීම් වැළැක්වීම සඳහා අදාළ පියවර ගත් බව යුද හමුදාපතිවරයා පැවසුවේය.

සංචරණ සීමා ලිහිල් වන 25 වන දින ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය අනුව සාමාන්‍ය දෛනික කටයුතු සඳහා නිවසින් බැහැරව යා හැකි බව සඳහන් වේ.

කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය සේවා කටයුතු සඳහා සංචරණ සීමා පැනවීම බාධාවක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය. 

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, සංචරණ සීමා පනවා ඇති කාල සීමාවන්හි ඔසුසැල් විවෘතව පවතින බවය.

ජුනි මාසයේ දින 14ක් රට වසා දැමීම ගැන ඇත්ත කතාවhttps://newsweb.lk/දින-14ක්-රට-වසා-දැමීම/

Isolated area in sri lanka today - ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි

මේ අතර, දින 14ක කාලයක් රට වසා දමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරය යන ප්‍රචාර අසත්‍ය බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා සඳහන් කළේ, එවැනි කිසිදු තීරණයක් මේ වන විට ගෙන නොමැති බවය.

ලබන ජුනි 01 වනදා සිට දින 14ක කාලයක් රට වසාදමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියේය.

එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්ව වාර්තාව – https://covid19.gov.lk/sinhala/