රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වර්ජනය ඇරඹේ

0
Government Medical Officers Strike Begins - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වර්ජනය ඇරඹේ

අද (21) පෙරවරු 08 සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඉල්ලීම් 07 ක් මුල් කරගනිමින් වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමය සඳහන් කළේය.

වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහල් වෙත පැමිණි ජනතාව අපහසුතාවයට පත්ව ඇති අයුරු දක්නට ලැබුණි.

මේ අතර සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටලුවලට විසදුම් නොලැබුණහොත් ලබන මස මුල් සතියේ අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමුවන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.

ඔහු පැවසුවේ දැනට පළාත් කීපයකම උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වා ඇති අතර හෙට (22) දකුණු පළාතේ ද අනිද්දා (23) සබරගමුව පළාතේද වර්ජනයන් ක්‍රියාත්මක බවය.