මුලිතිව් මියගිය දැරිය ගැබිණියක් බව හෙළිවෙයි

0
It is Revealed that the Died Girl in Mullaitivu is Pregnant - මුලිතිව් මියගිය දැරිය ගැබිණියක් බව හෙළිවෙයි

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, මූංකිලාරු ප්‍රදේශයේ මිය ගොස් සිටිය දී සොයාගත් 12 හැවිරිදි දැරිය ගැබිණියක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.

එම දැරියගේ කලලය ඉවත් කිරීමට යාමේ දී සිදු වූ අධික රුධිර වහනයක් හේතුවෙන් ඇයගේ මරණය සිදුවන්නට ඇතැයි පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවේ සදහන්.

මෙම දැරිය පසුගිය 15 වනදා අතුරුදහන්ව ඇති බවට දැරියගේ ඥාතීන් පුදුකුඩුඉරිප්පු පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව සිදුකළ සෝදිසි මෙහෙයුමක දී ඇයගේ සිරුර සොයා ගැනුණා.

ඒ පසුගිය 18 වනදා නිවසට මීටර් දෙසීයක් පමණ වූ කැලෑබද ප්‍රදේශයක තිබියදීයි.

දැරියගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට එක් අයකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාල දැරියගේ මස්සිනා බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ.

සැකකරු අද (20) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු දින 02ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දී තිබෙනවා.