අයියාගේ පහරින් මල්ලී මරුට

0
Younger Brother Killed by Elder Brother in Matale - අයියාගේ පහරින් මල්ලී මරුට

මාතලේ පල්ලේපොල, පොල්වත්ත ප්‍රදේශයේ අද ( 20) සහෝදරයන් දෙදෙනෙකු සමග ඇතිවු ආරාවුලක් දුරදිග යාමෙන් අයියා විසින් සිදු කළ පහරදිමකදි මල්ලි මරණයට පත්ව ඇති බව මහවෙල පොලිසිය කියයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ සැලගම පොල්වත්ත ප්‍රදේශයේ පදිංචි සනත් ජයසිංහ නැමති 27 හැවිරිදි එක්දරු අයෙකි.

වැඩිමහල් සහෝදරයාගේ නිවසේදි මෙම ඝාතනය සිදු ව ඇති අතර කාලයක් තිස්සේ දෙදෙනා අතර ආරවුල් තිබි ඇති බවද පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි තිබේ.

වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති අතර මහෙස්ත්‍රාත් පරික්ෂණය පැවැත්විමට නියමිතය.