පොහොර නැවට වන්දි නොගෙවා චීනය තරහ වුනොත් ලොකු පාඩුවක්

0
Johnston Fernando Statement of Compensation for Fertilizer Ship - පොහොර නැවට වන්දි නොගෙවා චීනය තරහ වුනොත් ලොකු පාඩුවක්

චීන පොහොර නෞකාවට වන්දියක් නොගෙවන්නේ නම් මෙරටට විශාල පාඩුවක් වන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙනවා.

චීනය වැනි ප්‍රබල රටක් අමනාප කර ගැනීම සුදුසු නොමැති බවයි ඔහු කියා සිටියේ. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව කියා සිටියේ අද මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින්.

යුගදනවි විදුලි බලාගාර ගිවිසුමෙන් මෙරටට කිසිදු පාඩුවක් නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කළා.

ඉදිරි මැතිවරණ කල් දැමිමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවට පළවන වාර්තා සම්බන්ධයෙන්ද මාධ්‍යවේදින් මෙහිදි ප්‍රශ්ණ කලා.

එවැනි කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්ව නොමැති බවත් ඒ ආකාරයේ කැබිනට් පත්‍රිකාවක් තමන් නොදැක්ක බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.