යූරියා කිලෝව රුපියල් 300 සීමාවට ළං වෙයි

0
Urea Price in Sri Lankan Market - යූරියා කිලෝව රුපියල් 300 සීමාවට ළං වෙයි
ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඉහළ ඉල්ලුමක් ඇතිවී තිබෙන යූරියා කිලෝ 50 ක මිටියක් ඉදිරියේදී රුපියල් 13,000 කට අධික මිලක් වනු ඇති බව පොහොර ලේකම් කාර්යාලය පවසයි.

ලෝක වෙළෙඳපොළේ පවතින පොහොර මිල සහ ආනයනය වියදම් ඉහළ යෑමත් නිසා මෙම තත්වය ඇති වී ඇති බවත් එම මිල ගොවීන්ට දරාගත නොහැකි වනු ඇති බවත් කීය.

රසායනික පොහොර ආනයනය කිරීම සඳහා ආයතන 20 ක් පමණ ඇනවුම් ලබාදී ඇති බව එම ආයතනවලින් කීපයක් පමණක් යූරියා ඇනවුම් කර ඇති බවත් පොහොර ලේකම් කාර්යාලය සඳහන් කරයි.