අයවැය විවාදයේ දින 23ට පර්ලිමේන්තුවේ වියදම කෝටි 80යි

0
The Expenditure of the Parliament for Budget Debate - අයවැය විවාදයේ දින 23ට පර්ලිමේන්තුවේ වියදම කෝටි 80යි
මෙවර අයවැය විවාද පැවැති කාලසීමාවේදී පර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාම සඳහා රුපියල් කෝටි 80 කට ආසන්න මුදලක් වැය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි පවසනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගිය නොවැම්බර් මස 12 වැනිදා අයවැය කතාව සිදුකළා. අනතුරුව නොවැම්බර් මස 13 වැනිදා සිට අයවැය විවාද ආරම්භ වූ අතර විවාද අවසන් වූයේ පසුගිය 10 වැනිදා පැවැත්වූ අයවැය අවසන් ඡන්ද විමසීමෙන් අනතුරුවයි.

ඒ අනුව අයවැය විවාද පැවැත්වුණු දින ගණන 23 ක්.

පාර්ලිමේන්තුව පවත්වාගෙන යාම සඳහා සාමාන්‍යයෙන් දිනකට වැය වන මුදල රුපියල් දෙකෝටි පනස් හත් ලක්ෂයක් පමණ වනවා. අයවැය කාල සීමාවේදී පර්ලිමේන්තුවේ කටයුතු වැඩි වෙලාවක් සක්‍රියව පවතින හෙයින් අදාළ කාලසීමාවේදී වැය වන දෛනික මුදල ද වැඩි වන බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පැවසුවේ.