පදියතලාවේදී බසයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 17කට තුවාල

0
Bus Accident in Padiyatalawa - පදියතලාවේදී බසයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 17කට තුවාල
පදියතලාව ගල්ඕඩය පාළම අසලදී වන්දනා නඩයක් රැගත් බස් රථයක් අඩි 20 ප්‍රපාතයකට පෙරළීමෙන් අද අලුයම් කාලයේදී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරු සිදුවන අවස්ථාවේදී බස් රථයේ රියදුරුවරයාද ඇතුලත්ව පුද්ගලයින් 47 දෙනෙක් ගමන්කර ඇති අතර ඔවුන් අතරින් තුවාල ලැබූවන් 17 දෙනෙක් රෝහල්ගත කල බවයි පොලීසිය පැවසුවේ.

තුවාලකරුවන් අතරින් 13 දෙනෙක් මහඔය රෝහල වෙතත් තවත් 04 දෙනෙක් මඩකලපුව මහරෝහල වෙතත් ඇතුලත් කර තිබෙනවා.

කිලිනොච්චි ප්‍රදේශයේ සිට කතරගම බලා පැමිණෙමින් තිබූ දමිළ වන්දනාකරුවන් පිරිසකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ .

මෙම බස්රථය අද අලුයම 02.30 ට පමණ අධික වර්ෂාව මධ්‍යයේ ධාවනය කරමින් සිටියදී රියදුරුට මාර්ගය නිවැරැදිව පෙනී නොයාම හේතුවෙන් මෙම ප්‍රපාතයට ඇදවැටී ඇති බවද පොලීසිය සදහන් කලා.

බස් රථයේ රියදුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පදියතලාව පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.