ලංකා ප්‍රිමියර් ලීග් පළමු අවසන් පූර්ව තරගය අද

0
Playoff Round of the Lanka Premier League Today - ලංකා ප්‍රිමියර් ලීග් පළමු අවසන් පූර්ව තරගය අද

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය අද පැවැත්වීමට නියමිතයි.

ඒ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමගයි.

එම තරගය අද රාත්‍රී 8.30ට හම්බන්තොට, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.

මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද දිනයේ පැවැත්වීමට නියමිතයි.

ඒ, කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම සහ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සමගයි.

එම තරගය අද පස්වරු 4.00ට හම්බන්තොට, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් පූර්ව වටයේ දෙවන තරගයට සුදුසුකම් ලබනු ඇත.