පාලනයෙන් ගිලිහුණු බස් රථය වෑන් රථ දෙකක සහ යතුරුපැදියක ගැටෙයි (වීඩියෝ)

0
Vehicles Accident in Kaluthara - පාලනයෙන් ගිලිහුණු බස් රථය වෑන් රථ දෙකක සහ යතුරුපැදියක ගැටෙයි (වීඩියෝ)

අධික වේගයෙන් ධාවනය වූ බස් රථයක් රියදුරුගේ පාලනයෙන් ගිලිහී කළුතර කෝන්ගස් හන්දිය ප්‍රදේශයේදී අනතුරක් සිදුවී තිබේ.

කොළඹ දෙසට ධාවනය වූ බස් රථය වෑන් රථ දෙකක සහ යතුරුපැදියක ගැටී තිබුණි.

එහිදී එක් වෑන් රථයක් වෙළෙඳසැළක් තුළට විසිවී ගොස් තිබුණි.

අනතුර සිදුවී තිබුණේ අද (18) සවස් කාලයේදීය.

අනතුරින් බස් රථයේ සිටි පුද්ගලයෙකු තුවාල ලබා කළුතර දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.

බස් රථයේ රියදුරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සිදුවෙන අයුරු අසල වෙළෙඳසැලක තිබූ CCTV කැමරාවක සටහන් වී තිබුණි.

(adaderana.lk වෙබ් අඩවිය ඇසුරිනි)