ලෝක ටෙස්ට් ශූරතා ශතකලාභීන් අතර දිමුත් තුන්වන තැනට

0
Most Centuries in World Test Championship - ලෝක ටෙස්ට් ශූරතා ශතකලාභීන් අතර දිමුත් තුන්වන තැනට
ලෝක ටෙස්ට් ශූරතා තරග මාලාව තුළ වැඩිම ශතක රැස්කළ ශතකලාභීන් අතර පළමු ස්ථානය ලබාගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මාර්නස් ලැබුස්චේන් සමත් වුණා.

ඒ, ලෝක ටෙස්ට් ශූරතා තරග මාලාවල ශතක 06ක් රැස්කර ගනිමින්.

මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානයේ එංගලන්ත ටෙස්ට් නායක ජෝ රූට් පසුවන අතර ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න එහි තුන්වන ස්ථානයේ පසුවීම විශේෂත්වයක්.

ජෝ රූට් සහ දිමුත් ලෝක ටෙස්ට් ශූරතා තරග මාලාවල ශතක 05 බැගින් රැස්කරගෙන සිටිනවා.

මෙම ලැයිස්තුවේ 07 වන ස්ථානයේ ධනංජය ද සිල්වා පසුවන්නේ ශතක 04ක් රැස්කරගනිමින්.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් දෙදෙනෙක්, ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙක්, එංගලන්ත ක්‍රීඩකයින් දෙදෙනෙක්, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ එක් පාකිස්ථාන ක්‍රීඩකයෙක් මෙම ලැයිස්තුවේ මුල් ක්‍රීඩකයින් 09 දෙනා අතර පසුවනවා.