අපි කාටවත් වන්දි ගෙව්වේ නැහැ

0
Mahindananda Aluthgamage Statement of Compensation to Fertilizer Ship - අපි කාටවත් වන්දි ගෙව්වේ නැහැ

චීන පොහොර නෞකාවට අමෙරිකානු ඩොලර් මිලියන 6 යි දසම 7 ක මුදලක් ගෙවීමට තීරණය කළේ වන්දියක් ලෙසින් නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ප්‍රමිතියෙන් තොර පොහොර ආනයනයට අදාලව වාණිජ මහාධිකරණයේ විභාග වන නඩුවට අදාලව නීතිපතිවරයාගේ උපදෙස් මත එළැඹි සමථයක් මත අදාල මුදල් ගෙවිම සිදුකරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මෙමගින් කිසිදු මූල්‍ය වංචාවක් හෝ වරදක් සිදුව නැතැයිද මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

පොහොර වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පෙර ණයවර ලිපි විවෘත කළ නිළධාරින් සම්බන්ධයෙන්ද යම් පියවරක් ගන්නේදැයි මාධ්‍යවේදින් මෙහිදි ප්‍රශ්ණ කළා.

එහිදී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ නිළධාරින් අතින් කිසිදු වරදක් වි නොමැති බවයි.