ජෙෆ්රි වැන්ඩසේ ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසය අලුත් කරයි

0
LPL Best Bowling from Jeffrey Vandersay - ජෙෆ්රි වැන්ඩසේ ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසය අලුත් කරයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තීරණාත්මක තරගයෙන් ජය ලබන්නට කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම සමත් වුණා.

Playoff වටයට සුදුසුකම් ලැබීම සඳහා මෙම තරගය ජය ගැනීම අනිවාර්ය වූ බැවින් දෙපිළටම මෙම තරගය වැදගත් වුණා.

ඒ අනුව Playoff වටයට සුදුසුකම් ලැබූ අවසන් කණ්ඩායම බවට පත් වෙමින් කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම, කැන්ඩි වෝරිය්ස් කණ්ඩායම ලකුණු 58කින් පරාජයට පත් කළා.

මේ වනවිට කණ්ඩායම් 04ක් Playoff වටයට සුදුසුකම් ලබා ඇති අතර එම වටයේ තරග හෙට (19) දිනයේ සිට ආරම්භ වනවා.

මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ මෙතෙක් හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ ඊයේ (17) සමත් වුණා.

ඒ, සිය පන්දුවාර 04 තුළ ලකුණු 25කට කැන්ඩි වෝරිය්ස් කණ්ඩායමේ කඩුලු 06ක් දවාගනිමින්.