ඔමික්‍රොන් ආසාදිතයන්ගේ පවුල්වල අයටත් කොරෝනා

0
Corona for Families of Omicron Patients - ඔමික්‍රොන් ආසාදිතයන්ගේ පවුල්වල අයටත් කොරෝනා

මෙරටින් සොයා ගැනුණු ඔමික්‍රොන් ආසාදිතයන්ගේ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙකුටද කොවිඩ් වයිරසය ආසාදිත වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

කෙසේවෙතත් ඔවුන්ට ආසාදනය වී ඇත්තේ ඔමික්‍රොන් ප්‍රභේදයද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය.

එම ආසාදිතයින් සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කරන නමුත් ඔවුන් බූස්ටර් එන්නතද ලබාගත් අය බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ අතර ඔමික්‍රොන් ආසාදනය වී ඇති බවට හඳුනා ගැණුනු ඉන්දීය ජාතිකයා පැමිණ ගිය සමාජ ශාලා සහ ස්ථාන සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.