ඉන්ධන මිල වැඩිකළ යුතු බව ඇමති ගම්මන්පිල යළි කියයි

0
Minister Gammanpila Reiterates that Fuel Prices should be Increased - ඉන්ධන මිල වැඩිකළ යුතු බව ඇමති ගම්මන්පිල යළි කියයි
නැවත වතාවක් ඉන්ධන මිල ඉහල දැමිය යුතු තත්ත්වයක් උදාවී ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ඉන්ධන මිල මෙරට අවසන් වතාවට ඉහල දැම්මේ මැයි මාසයේ ලෝක වෙළඳ පොළේ මිල පදනම් කරගෙන බවත් එතැන් සිට මේ දක්වා 24%ක ඉන්ධන මිල ඉහළ යෑමක් ලෝක වෙළදපොලේ පෙන්නුම් කරන බවද ඔහු පැවසීය.

ඉන්ධන මිල ඉහළ නොදැමීමෙන් සිදු වන්නේ එම පිරිවැය ද වාහන පාවිච්චි නොකරන ජනතාව විසින් ගෙවා දැමීම බවත් එය ඔවුනට කරන අසාධාරණයක් බවත් ඒ මහතා සඳහන් කරයි.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යද්දී භාණ්ඩාගාරයෙන් සහනයක් ලබා නොදෙන්නේ නම් ඉන්ධන මිල වැඩි කළ යුතු බවද පැවසූ ඔහු නමුත් මෙතෙක් මිල ඉහළ දැමීමට තීරණය කර නැති බවද තවදුරටත් කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ හංවැල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.