බස් නැවතුමක තිබී හිටපු පොලිස් කොස්තාපල් වරයකුගේ සිරුරක් හමු වෙයි

0
Death body in ruwanwella - හිටපු පොලිස් කොස්තාපල්

රුවන්වැල්ල ප්‍රදේශයේ බස් නැවතුමක තිබි හිටපු පොලිස් කොස්තාපල් වරයකුගේ සිරුර හමු වී තිබෙනවා .

බස් නැවතුමේ පුද්ගලයකු මියගොස් සිටින බවට රුවන්වැල්ල පොලීසියට ලද තොරතුරක් මත මෙම සිරුර සොයා ගැනුණු අතර මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවු 54 ක් වු මානෙල් ප්‍රේමසිරි නැමති දැනට වැඩ තහනමට ලක්ව සිටින අයෙක් බවට හෙළිවී තිබෙනවා.

ඒ අනුව පොලිස් නිලධාරීන් පැමිණ කළ විමර්ශනවලදී වැන්ඳල ප්‍රදේශයේ පදිංචි හිටපු පොලිස් කොස්තාපල් වරයකු බවට හඳුනාගෙන ඇති අතර මෙම පුද්ගලයා මියගියේ කුමන හේතුවකින්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

මියගිය හේතුව සෙවීමට හා PCR පරීක්ෂණ සඳහා සිරුරු කරවනැල්ල මුලික රෝහලේ මෘත ශරිරාගාරයට රැගෙන යාමට රුවන්වැල්ල පොලීසිය පියවර ගත්තා.