අනතුරක් කළ අමෙරිකානු රියදුරෙකුට වසර 110ක සිරදඬුවමක්

0
A Colorado Truck Driver to One Hundred and Ten Years in Prison - අනතුරක් කළ අමෙරිකානු රියදුරෙකුට වසර 110ක සිරදඬුවමක්
මිනිසුන් සිව්දෙනෙකුට මරු කැඳවූ රිය අනතුරක් කිරීමේ චෝදනාව මත වරදකරු වූ තැනැත්තෙකුට වසර 110ක සිර දඩුවම් නිකුත් කිරීමට අමෙරිකානු අධිකරණයක් තීන්දු කර තිබේ.

එම තීන්දුව ලබාදී තිබුණේ කොලරාඩෝ ප්‍රාන්ත අධිකරණයක් විසිනි.

රෝගල් ලාසරෝ නම් මෙම 26 හැවිරිදි රියදුරු ට 2019 වසරේදී මාරක අනතුරක් සිදුකර පුද්ගල මරණ 4ක් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවුණි.

එම සිද්ධියේදී විශාල ගින්නක් ද හටගත් අතර එහිදී වාහන රැසක් ගිනිබත් වී තිබුණි.

අදාළ අනතුර සම්බන්ධයෙන් ඔහු වරදකරු බවට අධිකරණ තීන්දුව ලබාදුන්නේ පසුගිය ඔක්තෝබර් මාසයේදීය.

එම තැනැත්තාට වසර 100ක් ඉක්මවූ සිරදඩුවම් නියෝග කර ඇත්තේ ඒ අනුවය.

තම රථයේ තිරිංග නිසි සේ ක්‍රියාත්මක නොවන බව දැන දැනම, අනතුර වළක්වා ගැනීමට පියවර නොගෙන සිටීම සම්බන්ධයෙන් රියදුරු රෝගල් ලාසරෝට චෝදනා එල්ල වී තිබුණි.

කෙසේ නමුත් රියදුරුගේ පාර්ශ්වය දිගින් දිගටම ප්‍රකාශ කර සිටියේ තමන් සිතා මතා වරදක් සිදුනොකළ බවය.