තරුණ යුවලක් මහවැලි ගඟට පනී.. තරුණයා පිහිනා ගොඩ එද්දී තරුණිය අතුරුදන්…

0
A Girl Missing in Mahaweli Ganga - තරුණ යුවලක් මහවැලි ගඟට පනී.. තරුණයා පිහිනා ගොඩ එද්දී තරුණිය අතුරුදන්...

මහියංගනය ප්‍රදේශයේදී මහවැලි ගගට පනින ලද තරුණියක දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

ඊයේ (16) සවස තරුණ යුවලක් මහවැලි ගගට පැන ඇති අතර එහිදී පිරිමි පුද්ගලයා ගොඩට පිහිනා දිවි බේරාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇති තරුණිය රිදීමාලියද්ද ගස්ගොල්ල ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක්.

ඇය උපකාරක පංති යන බව පවසා ඊයේ උදාසන නිවසින් පැමිණ ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

පොලිසිය, නාවික හමුදා නිළධාරින් හා ප්‍රදේශවාසීන් එක්ව, අතුරුදන්වූ තරුණිය සොයා තවදුරටත් මහවැලි ගගේ මෙහෙයුමක නිරත වනවා.